සාර සදිසි පෙති
කරු
Tuesday, August 28, 2018
Thursday, August 16, 2018
Thursday, August 9, 2018
Wednesday, August 8, 2018
Tuesday, May 15, 2018
පෙරදිග පෙරදිගය අපරදිග අපරදිගය
පෙරදිග අපරදිග සංස්කෘතික වෙනස ගැන කතා කරන විට වැඩි දෙනෙක් රඩ්යාඩ් කිප්ලින් කවියාව උපුටා දක්වන්න කැමති වෙනවා. කිප්ලින් ලියු "පෙරදිග අපරදිග" නම් සුප්‍රසිද්ධ කාව්‍යයේ පළමු දෙපදයෙන් කියන්නේ " පෙරදිග පෙරදිගය අපරදිග අපරදිගය අහස පොළව පුරා දෙවියන්ගේ කැමැත්ත තිබෙන තුරා මේ දෙදිග එකට මුන ගැසෙනු නැති" බවය. මෙම කවිය විවිධ අර්ථකථන වලට මෙන්ම හෙළා දැකීම්වලටද ලක්වුවක්. කෙසේ වුවත් පෙරදිගට හා අපරදිගට සංස්කෘතික වශයෙන් එක්වීමට බැරි බව පෙරදිග මෙන්ම අපරදිගද මුල් බැස ගත් අදහසක්. එහෙත් ඉතිහාසය පුරා සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක්.
පෙරදිගත් අපරදිගත් කාටත් සමාන හැඟීම් වලින් යුතුව බෙදාහදා ගත හැකි දේවල් තිබෙනවා. පෙරදිග රාමායනේ රාවණා රජු සීතා කුමරිය පැහැර ගෙන යනවා. යුද්ධයක් ඇතිවෙනවා. අපරදිග ග්‍රීක මහා කාව්‍යය වන ඉලියඩ් කතාවෙ හෙලන් කුමාරිව පැරිස් කුමරා පැහැර ගෙන යාමෙන් ෙ ට්‍රා්ජන් යුද්ධය ඇති වෙනවා.
උමංදාවෙ පුත්‍ර ප්‍රශ්නයත් හුණු වටයේ කතාවත් සමානයි. ලංකාවෙ මහා වංශය සහ විලියම් ෂෙක්ස්පියර්ගෙ මැක්බත් නාටකයෙ සමාන සිදුවීමක් තිබෙනවා. රුහු නෙ සිට අනුරාධපුරයට යන සංඝෝධි හා ෙ ගා්ඨාභය කුමාරවරුන් ට ෙ ප්න කියන්නකු මුන ගැසී ඔවුන් රජ වන බව කියනවා. මැක්බත් නාටකයෙත් යුද්ධයටගිහින් ගෙදර යන මැක්බත් සහ ඔහුගෙ මිතුරු සෙනෙවියාට අනාවැකි කියන මායාකාරියන් මුන ගැසී මැක්බත් රජවන බව කියනවා.
පෙර අපර දෙදිග සංස් කෘතික කලාපේ මෙවැනි සංස්කෘතික සමාන කම් ඕනෑ තරම්
සොයා ගන්න පුලුවන්.
මෙම සමාන කම් මකා දමමින් පෙරදිග සහ අපර දිග අතර මහා බෙදුමක් ඇති වන්නට පටන් ගත් තෙ නුතනවාදයත් සමග කියල කියන්න පුලුවන්.

Thursday, May 10, 2018
සංස්කෘතියක දෙමුහුණක්...
බටහිර හා පෙරදිග භේදයක් ගැන අපි නිතර කතා කරනවා. ගෝලාකාර වු පෘථිවියේ පෙරදිග හා බටහිර බෙදුම් රේඛාව හොයන්න ගියොත් අප අමාරුවේ වැටෙනවා.බටහිර පෙරදිග බෙදුම භූගෝලීය බෙදුමකට වඩා සංස්කෘතික බෙදීමක් කියල ගත්තොත් එය වඩා නිරවුල්. ඒ අනුව අප ජීවත්වන ලෝකයේ මනුෂය සමාජයේ බටහිර සංස්කෘතිය හා පෙරදිග සංස්කෘතිය යනුවෙන් සංස්කෘතීන් දෙකක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේව එකිනෙක විනිවිදිමින් යන අවස්ථාව තිබෙන බව එයින බැහැර කරන්නේ නැහැ. එහෙත් මේ සංස්කෘතීන් දෙකට පදනම් වූ ලෝක දෘෂ්ටීන් දෙකක් තිබෙනවා. ඒ දෙ වෙනස් වන්නේ ලෝකය දෙස අප බලන ආකාරය අනුවයි.
බටහිර සංස්කෘතියේ ජීවත්වන මිනිසාට අනුව පුද්ගලයා කියන්නේ වෙනම සත්තාවක්. බාහිර ලෝකය මේ කියන පුද්ගලයාට පරිබාහිරව පවතින තවත් සත්තාවක්. බටහිර මිනිසාගේ ලෝක දෘෂ්ටියට අනුව තමාට බාහිරව පවතින මේ ලෝකය තමාට රිසි පරිදි මඩින්නට නවන්නට තලන්නට තමාට ගැලපෙන පරිදි සකස් කරගන්නට හැකි මැටි පිඩක් වගේ දෙයක්. ලෝකය ජය ගැනීම බටහිර මිනිසාට වීර චාරිකාවක් හරියට හෝමර්ගේ ඔඩිසි කියන ග්‍රීක කාව්‍යයේ එන වීරයා වන යුලීසීස් ට්‍රෝජන් යුද්ධය ජයගෙන අවුරුදු නවයක් විවිධ අභයෝග ජයගනිමින් තම බිරිද සොයා නිවසට පැමිණෙන වීර චාරිකාව වගේ වීරචාරිකාවක්.
පෙරදිග සංස්කෘතියේ මිනිසාගේ ලෝක දෘෂ්ටිය එහෙම එකක් නොවේ. පෙරදිග ලෝක දෘෂ්ටිය ලෝකය එහෙම කැබලිවලට කඩා ආම්බාන් කරගත යුතු සත්තාවක් ලෙස දකින්නේ නැහැ. පෙරදිග මිනිසා ලෝකය දකින්නේ තමා ලෝකයේ ස්වාමියා ලෙස නොවේ. තමාද එහි කොටසක් වශයෙන් පමණයි. පෙරදිග සංස්කෘතියට අනුව ලෝකය ජයගැනීමේ වීරචාරිකාවක නියැලීම මිනිසාගේ ජීවන නිෂ්ටාව නොවෙි. ස්වහාව ධර්මය අතර සමවායක් සහිතව ජීවත් වීම පෙරදිග ලෝකයේ දැක්මයි. මේ සංස්කෘතිීන් දෙකේ දැනුම, ඉතිහාසය ආගම් ආචාර සමාචාර විධි සාහිත්‍ය කලා ආදී සියල්ල මේ මුලික වෙනස මත සංස්කරණය වී තිබෙන බව කියන්න පුලුවන්. මේ දෙක අතර තරගයක් තිබ්බොත් පළමු වටයේ ජයග්‍රහණය වඩා ආක්‍රමණයශීලී බටහිර සංස්කෘතිය දිනන්න පුලුවන්. එය දැනටමත් සිදුවී තිබෙනවා. එහෙත් මෙම පළමු වටයේ ජයග්‍රහණය පෘථිවි වැසියාගේ සමස්ථ පරාජයක් කරා යොමුවෙමින් තිබෙන බවද මේ වන විට සිදුවෙමින් තිබෙන දේවලින් පැහැදිලියි.
මේ සමස්ත පරාජයෙන් ගැලවෙන්න නම් අද වන විට මේ සංස්කෘතීන් දෙක එකිනෙකාගේ යහපත් දේවල් හුවමාරු කරගනිමින් ලෝකය යළි සකස් කර ගන්නා හමුවීම් මධ්‍යස්ථානයකට යායුතුයි. පෙරදිගට හා අපරදිගට එකතුවිය හැකිද?
ඊළඟට

Subscribe to:
Posts (Atom)